0701 10 10 10 info@techlabs.lk

තේනගම කන්දේ විහාරය (ඓතිහාසික ගල්කන්ද රාජමහා විහාරස්ථානය)

ක්‍රි.පූ. 19 සියවසේ මිණිකිරුළ නම් ප්‍රාදේශීය රජතුමන් විසින් තම පාරිභෝගික රන්, රිදී, මුතු, මැණික්, ආභරණ තැන්පත් කොට එදා රුහුණු රට දකුණු ගිරුවාපත්තුවේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කට්ඨාශයේ තේනාගම, ගල්කන්දාරාම ඓතිහාසික රාජමහා විහාරස්ථානයක් ලෙස චෛත්‍ය රාජයාණන් වහන්සේ ඇතුලු පුද බිම ඉදි කර සිව් දිගින් වඩින මහා සංඝරත්නයට හිරු සඳු පවතින තාක් කල් සසුනේ සුභ සිද්ධිය පෙරටු ‍කොට පූජා කරන ලදී.

උක්ත පුදබිමේ චෙත්‍ය රාජයාණන්ගේ වැලිමළුවට ගිරුවාපත්තුවේ ඈත කෙළවර දක්වා දිස්වන අතර මාගම්පුර ජාත්‍යන්තර වරාය, මාගම්පුර ජාත්‍යන්තර ගුවන් තොට, ජාත්‍යන්තර නාවුක මග මනාව දිස් වේ. ඒ අතර වැව් අමුණු, කෙත්වතු මැදින් නැගී යෝධ තාක්ෂණ පර්වතය අ‍යෝමය හස්ති රාජයකු වැන්න.

මෙම පුද බිමට ආශ්‍රිතව එදා බුදු රදුන්ගේ අනුමැතිය ලත් භික්ෂූණී ආරාමයක් ඉතා දර්ශනීය පරිසරයක මෙම කඳු පන්තියේ ස්ථාපිතව ඇත. එහි භික්ෂුණීන් වහන්සේලා දස නමක් පමණ වැඩ වාසය කරන අතර ඉමහත් ශාසනික මෙහෙවරක් ඉන් සිදු වන බව සිහිපත් කරමි. එදා කුඩා ගිරි ශිඛරයක් මත කුඩා බෝධීන් වහන්සේ නමක් ස්ථාපිත කරමින් අති මහත් දුෂ්කර ගමන් මගක මතක ආවර්ජනය සියසින් දකින්නෙකුට ආවර්ජනය වනු නිසැකය.

උක්ත චෛත්‍ය රාජයාණන් පිහිටි භූමිභාගය අක්කර 77ක වපසරියකින් යුක්ත භූමි භාගයක් වන අතර මෙතුල පෞරාණික නටබුන් රාශියක් විද්‍යමාන වේ. වර්තමානයේ මෙම අරාජිකව පැවති පුණ්‍ය භූමිය රාජකීය පණ්ඩිත පූජ්‍ය මහගල්වැවේ විමලසිරි හිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ කැපවීමෙන් මේ වන විට දැකුම්කළු පින් බිමක් බවට පත් වෙමින් පවතී. මෙම ලිපිය පල කරන මොහොතක වන විටත් කලක් වල් බිහි වී අරාජිකව පැවති පුරාණ චෛත්‍ය රාජයාණන් වහන්සේ නැවත ප්‍රතිසංස්කරණය කොට කොත පැළඳවීමේ පුණ්‍යොත්සවය සඳහා සූදානම් වෙමින් පවතින අතර මෙම පිංබිම තුළ ඉතා අඩුපාඩු රාශියක් පැවතිණ. භික්ෂූන් වහන්සේලා සඳහා අවශ්‍ය කරනු ලබන සනීපාරක්ෂක පහසුකම් සහිත අන් සියලු දෑ තවමත් මෙම පුණ්‍ය භූමිය තුළ ඇත්තේද නැත. නමුදු විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අපමණ කැපවීම සහ සිවුපසයද නොමැතිව මෙම පුණ්‍ය භූමිය රමණීය පිං බිමක් කරන්නට කරනු ලබන කැපවීම ශාසනාභිමානයෙන් යුක්තව සිහි කිරීමත් ඉතා වටනේය.